FAST NEWS

24×7 Around the Globe

කොරෝනා නිසා ප්‍රවාහන සේවාවන්ට බලපෑ පාඩුව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 2128 ක මුදලක් අහිමි වී ගොස් තිබේ.

දෛනිකව ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 76 ක මුදලක් අහිමි වී ඇත.

මිට අමතරව ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දෛනිකව රුපියල් මිලියන 15 ආදායමක් අහිමි වීමත් සමඟ ගත වු දින 28 ක කාලය තුළ රුපියල් මිලියන 420 ක පාඩුවක් සිදුව තිබේ.

තවද මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවට දෛනිකව සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 30 ක් වන අතර සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන 840 කි.

අමාත්‍යා මහින්ද අමරවීර මහතා විසින් නිලධාරීන්ට දුන් උපදෙස් මත ප්‍රවාහන සේවා හා කළමානාකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට ආදායම් අහිමි වීම පිළිබඳ තොරතුරු ගණනය කිරීම් සිදුව ඇත.