FAST NEWS

24×7 Around the Globe

කොරෝනා නිසා බණ්ඩාරනායක මාවතේ වතු 4 ක් පරීක්ෂාවට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොළඹ බණ්ඩාරනායක මාවතේ අද දිනයේ ඒ ආශ්‍රිත තවත් වතු 4 ක පුද්ගලයින් 100 දෙනෙකු පී සී ආර් පරීක්ෂාවට ලක් කරන බව මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල පවසයි.

ඒ එම ප්‍රදේශයේ සීග්‍ර ලෙස කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟයි.

මීට පෙර වතු 3ක පුද්ගලයින් පරීක්ෂාවට ලක් කළ අතර, ඒ අනුව 60 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

පසුව එම වතු ආශ්‍රිත පුද්ගලයින් සියළු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.