FAST NEWS

24×7 Around the Globe

කොරෝනා මර්දනයට ජපානයෙන් ඩොලර් මිලියන 1.2 ක පරිත්‍යාගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා මර්දනය කිරීම සඳහා ජපාන රජය විසින් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක ප්‍රදානයක් සිදුකර තිබේ.

ජපන් තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ දියුණුවෙමින් පවතින රටවල සෞඛ්‍ය සහ වෛද්‍ය සේවාවේ ධාරිතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම මුදල් පරිත්‍යාගය සිදුකරන බවයි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හරහා ඇමෙරිකානු ඩොලර් 500,000 ක් , සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය හරහා ඇමෙරිකානු ඩොලර් 422,500 ක් / ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩසඳ සංගම් හරහා ඩොලර් 250,000 ක් මෙලෙස පරිත්‍යාග කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.