FAST NEWS

24×7 Around the Globe

ගර්භනී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට නිවසටම ත්‍රිපෝෂ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – පවතින තත්තවයත් සමග ගර්භනී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් හරහා නිවෙස් වෙතටම ගොස් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.    

දරුවන්ගේ පසුගිය මාසයේ සටහන් වූ බර ප්‍රමාණයට අනුව ත්‍රිපෝෂ නිකුත් කිරිමට අමාත්‍යාංශය තීරණය කර ඇති අතර , ගර්භනී මව්වරුන්ට ලබාදිය යුතු විටමින් වර්ග ද බෙදාදීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ප්‍රතිශක්තීකරණ සායනය අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිදුකිරීමට ද උපදෙස් ලබාදී ඇත.