FAST NEWS

24×7 Around the Globe

වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් කෝවිඩ් 19 අරමුදලට මිලියන 10 ක්

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් කෝවිඩ් 19 අරමුදලට රුපියල් මිලියන 10ක මුදලක් අද (21) දිනයේ පරිත්‍යාග කිරීම සිදුවිය.    

කොළඹ 07, විජේරාම නිල නිවසේ දී සංගමයේ නිලධාරීන් විසින් රුපියල් මිලයන 10ක චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදීම සිදු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස්, ලේකම් අරෝෂ රොද්‍රිගෝ, භාණ්ඩාගාරික ප්‍රසාද් ප්‍රියංග හා සංගමයේ හිටපු සභාපතිවරුන් වන යෝගා පෙරේරා සහ දිනේෂ් සේනානායක යන මහත්වරු එක්ව සිටියහ.