FAST NEWS

24×7 Around the Globe

වෑතර ප්‍රදේශයෙන් මාළු මිලදී ගත් පිරිස් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  ඊයේ (20) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස තහවුරු වූ පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයා සමඟ සමීප සබඳතා පැවැත්වූ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.   

එම ව්‍යාපාරිකයාගේ වෑතර ප්‍රදේශයේ පිහිටි මාළු අලෙවිසැලෙන් මාළු මිලදී ගත් පිරිස් සිටී නම් ඒ සම්බන්ධයෙන් වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙන ලෙස කහතුඩුව ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක මදනායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අදාළ පුද්ගලයා මාළු මිලට ගැනීම හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ද වසා දැමීමට තීරණය කර තිබේ.