FAST NEWS

24×7 Around the Globe

කුලී රථ හා ත‍්‍රීරෝද රථවල ගමන්කරන මගීන් සීමා කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කුලී රථ හා ත‍්‍රීරෝද රථවල රියදුරුට අමතරව ගමන් කළ හැකි උපරිම මගීන් ගණන දෙදෙනෙකුට සීමා කරන ලෙස දන්වමින් වැඩ බලන පොලිස්පති සී. ඩී. වික‍්‍රමරත්න මහතා සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දීමක් සිදුකර තිබේ.    

 දෛනික ජන ජීවිතය යථා පරිදි පවත්වා ගැනීමට ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග පොදු මගී ප‍්‍රවාහන සේවාවන්හි ආරක්ෂක ක‍්‍රම පිළිබඳව සැලකිලිමත් නොවී කටයුතු කරන අවස්ථා නිරීක්ෂණයට ලක්ව ඇති බව වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කරයි.