FAST NEWS

24×7 Around the Globe

ලබන 24 දක්වා අධිකරණ කිහිපයක නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – අද (20) සිට ලබන 24 වන දින දක්වා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ පිහිටි අධිකරණ කිහිපයක නඩු විභාග කටයුතු  තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.  

අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීරණය අනුව සිවිල් අභියාචනා මහාධිකරණය, පළාත්බද මහාධිකරණය, වාණිජ මහාධිකරණය, දිසා අධිකරණය සහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු තාවකාලිකව ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ප්‍රකාශ කළේය.

අදාළ කාලය තුළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හැක.

කෙසෙල්වත්ත පොලිස් වසම කොවිඩ් නයින්ටීන් අවදානම් කලාපයක් බවට පත්ව තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

හෙට(21) දිනයේ අභියාචනාධිකරණය ද රැස් නොවන අතර අභියාචනා ඉදිරිපත් කළ නීතීඥවරුන්ට රෙජිස්ටාර්වරයා මාර්ගයෙන් වෙනත් දින ලබාගත හැකි බව ද නීතීඥ සංගමය ප්‍රකාශ කළේය.