FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටස් වෙළඳපොල විවෘත කිරීම කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන බදාදා (22) ආරම්භ වීමට නියමිතව තිබු කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු එදින ආරම්භ නොකරන බව නිවේදනයක් කර තිබේ.

කොළඹ කොටස් වෙළඳපොල පැවසුවේ කොළඹ, ගම්පහ , කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කර තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

යළි අප්‍රේල් 27 සඳුදා ආරම්භ කිරීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.