FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරුමැද පළාත්වල අද (20) පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මන්නාරම, වවුනියාව, අනුරාධපුරය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.