FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 33,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු 20 වන දා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 33,730 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

මීට අමතරව වාහන 8652ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 540 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.