FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය අදියර දෙකක් යටතේ විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්ග සංවර්ධන අධිකාරිය පවසන ආකාරයට දක්ෂිණ අධිවේගී මාර්ගය රථවාහන ගමනාගමන කටයුතු සඳහා අද සිට අදියර දෙකක් යටතේ විවෘත කෙරේ.

ඒ අනුව කොට්ටාව සිට හම්බන්තොට දක්වා වූ කොටස අද (20) විවෘත කෙරෙන බව එම අධිකාරිය පවසයි.

අද පෙරවරු 7 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ රථවාහන ගමනාගමන කටයුතු සඳහා එම මාර්ගය විවෘත කර තැබෙන බව සඳහන්ය.

ලබන බදාදා දිනයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කටුනායක සිට හම්බන්තොට දක්වා කොටස ද විවෘත කිරීම සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගය වසා දැමුණු අතර අත්‍යවශ්‍ය සේවා සිදුකරන රථවාහනවලට පමණක් අදාළ කාලය තුළ එම මාර්ගය භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබුණි.