FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ප්‍රතිලාභ නොලැබූවන්ට දීමනාව හෙට සහ අනිද්දාත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (20) සහ අනිද්දා (21) යන දෙදින තුළ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන යටතේ රජය ලබාදෙන රුපියල් 5000සේ දීමනාව මෙතෙක් නොලැබුණු පුද්ගලයින්ට එය ලබාදීමට නියමිතයි.

මෙම දීමනාව වැඩිහිටියන්ට, ආබාධිත පුද්ගලයින්ට , සමෘද්ධිලාභීන්ට සහ වකුගඩු ආබාධ සහිත පුද්ගලයින්ට මේ වනවිටත් ලබාදීම සිදු කෙරේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම රුපියල් 5000සේ දීමනාව නොලැබුණු එහෙත් අභියාචනා ඉදිරිපත් කර සුදුසුකම් සම්පූර්ණ කළ පුද්ගලයින්ට මේ මස 22 වන දා අදාළ ගෙවීම් සිදුකරන බවයි.