FAST NEWS

24×7 Around the Globe

කොළඹ වරායේ ඇති බහාලූම් මුදා හැරීමේ විශේෂ වැඩපිළිවෙළක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරායේ ගොඩ ගැසී ඇති බහාලූම් මුදා හැරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

මේ වනවිට කොළඹ වරායේ අංගන තුළ බහාලූම් 26,000 ක් පමණ ගොඩගැසී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කළේය.

ඒවා මුදා හැරීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ආනයනකරුවන්, රේගු නිලධාරීන් සහ බැංකු ශාඛා කළමනාකරුවන් කැඳවා සාකච්ඡා කල බවත් ඒ අනුව නිෂ්කාශනය කටයුතුවලදී මුදල් ගෙවීම සඳහා බැංකු විවෘතව තබන කාලය හෙට (20) සිට වැඩි කිරීමට තීරණය කර තිබෙන බවත් ඔහු පැවසුවේය.