FAST NEWS

24×7 Around the Globe

රත්තොටදී සමෘද්ධි නිලධාරියාට පහරදුන් පිරිස රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | රත්තොට) – රත්තොට පුස්සැල්ල සමෘද්ධි කාර්යාල පරිශ්‍රය තුළදී සමෘද්ධි නිලධාරියෙකුට පහරදුන් සැකකරුවන් සිව් දෙනෙකු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.   

පුස්සැල්ල සහ ගම්මඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙකු මෙලෙස අද දිනයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සමෘද්ධි සහන අයදුම්පත් සකස් කරමින් සිටියදී ඊයේ පෙරවරුවේ මෙම පහරදීම සිදුව තිබූ අතර , තුවාල ලැබූ සමෘද්ධි නිළධාරියා මේ වනවිට රත්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.