FAST NEWS

24×7 Around the Globe

අඩු ආදායම් ලබන පවුල්වලට සූර්ය බල උත්පාදන කට්ටලයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 14ක් ඇතුළුව  සූර්ය බලයෙන් ක්‍රියාත්මක කෙරෙන විදුලි උත්පාදන කට්ටලයක් නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි. 

ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින් සූර්යබල උත්පාදන කට්ටල ලබාදීමට අදාළ වැඩපිළිවෙල කඩිනමින් සකස් කරන ලෙසට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී ඊයේ (16) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සතියක් ඇතුළත තමාට ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා විදුලිබල මණ්ඩල සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබේ.