FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා කොරෝනා මරණ එක් ලක්‍ෂ 45,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ්-19) – මේ වනවිට ලෝකයෙන් කොරෝනා රෝගීන් 21 ලක්‍ෂ 79, 518 දෙනෙකු වාර්තා වන අතර සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 45,378 ක්.

කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ රට වන ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මේ වන විට 34,617 දක්වා ඉහළ ගොස් තිබේ. එරට මුළු ආසාදිත සංඛ්‍යාව හයලක්ෂ 77,570ක්.

ඇමරිකා එක්සත් ජනපදයේ ගත වූ පැය 24 තුළ නව කොරෝනා මරණ 4491 ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එය කොරෝනා වෛරස් ගෝලීය වසංගතය ආරම්භ වීමෙන් පසු ලොව  ඕනෑම රටකින් දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව බවද එම වාර්තාවල සඳහන් වේ.

ඉන්දියාවෙන් මේ වනවිට කොරෝනා රෝගීන් 13,430 ක් වාර්තා වන අතර , ඉන් 1,060 දෙනෙකුම වාර්තා වන්නේ ගත වූ පැය 24 තුළයි.

එරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 448 ක්.