FAST NEWS

24×7 Around the Globe

රනිල් වික්‍රමසිංහගෙන් ඇමරිකානු ජනපතිට ලිපියක් [LETTER]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යොමුකර තිබේ.  

ඇමරිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව එල්ල කර ඇති චෝදනා බරපතල වන අතර, ඒ පිළිබඳව විමර්ශන කළ යුතු බව එම ලිපියෙන් ඔහු සඳහන් කර ඇත.

ඉදිරි මාසවලදී ජාත්‍යන්තර සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ ගැටළුවලට ගෝලීය නායකත්වය සැපයීමට වෙනත් බහුපාර්ශවීය සංවිධානයක් නොමැති බැවින් මෙම අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය තම ක්‍රියාකාරී වැඩපිලිවෙල අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත් අදාළ ලිපියෙහි අවධාරණය කර තිබේ.

කොරෝනා වෛරසය නිසිලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරමින් අරමුදල් ලබාදීම අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපතිවරයා ගත් තීරණයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අරමුදල් ලබන ශ්‍රී ලංකාව වැනි රටවලට අහිතකර ලෙස බලපෑම් ඇතිවන බව ද රනිල් වික්‍රමසිංහ මහතා එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අදාළ ලිපිය පහතින්,

Image may contain: text