FAST NEWS

24×7 Around the Globe

කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මිලියන 703 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොවිඞ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මේ වන විට රුපියල් මිලියන 703 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.   

ඊයේ (16) දිනයේදී  ගංගාරාම වෙසක් අරමුදලෙහි රුපියල් මිලියන 10 ක් විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් විසින්ද, කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය විසින් රුපියල් මිලියන 2.5 ක් ද පරිත්‍යාග කර තිබුණි.

කොරෝනා ව්‍යාප්තිය මැඩලීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ස්ථාපිත කරනු ලැබුවේ මාර්තු මස 23 වන දායි.