FAST NEWS

24×7 Around the Globe

ලෝ පුරා කොරෝනා මරණ එක් ලක්ෂ 34000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | COVID-19) –  සීඝ්‍රයෙන් ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 34,000 ඉක්මවා තිබේ. 

වෛරසය ආසාධනය වු සංඛ්‍යාව විසිලක්ෂ 77,839 ක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එමෙන්ම වෛරසය වැළඳී සිටි පුද්ගලයින් පන්ලක්ෂ 9853 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව ද එම වාර්තා සඳහන් කරයි.

ඇමරිකාව තුළ පුද්ගලයින් හයලක්ෂ 43, 508 දෙනෙකුට මේ වන විට වෛරසය ආසාධනය වී ඇති අතර , එරටින් වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 17,167ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

ප්‍රංශයෙන් මේ වන විට හඳුනා ගෙන ඇති ආසාධිතයින් ගණන එක් ලක්ෂ 47,863ක්.

ස්පාඤඤයෙන් ආසාධිතයින් එක්ලක්ෂ 77,644 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 18.708ක්.

ඉතාලියේ සිදුව ඇති සමස්ත මරණ සංඛයාව 21,645ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තාවන ආසාදිතයිනගේ සංඛ්‍යාව එක්ලක්ෂ 65,155ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.