FAST NEWS

24×7 Around the Globe

මරණීය දණ්ඩනය ගැන පාර්ලිමේන්තු විවාදය අදයි.

බාල වයස්කාර දරුවන්ට දරුණු ලෙස වද දී කෘර ලෙස ඝාතනය කර වැරදිකරුවන් බවට පත්වන පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාව සම්බන්ධව අද (06දා) පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතය.

මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට පක්‍ෂ නායකයන්ද එකඟ වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් මෙම යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ පොදු නීතියට අනුව අපරාධ කිහිපයක් සඳහා උපරිම දඬුවම ලෙස මරණ දඬුවම සඳහන් වී තිබෙන අතර,1976 වසරෙන් පසු එම දඬුවම ක්‍රියාත්මක වී නොමැත.

අධිකරණය විසින් මරණ දඩුවම නියම කෙරුණද ජනාධිපතිවරයා දිනයක් හා වේලාවක් නියම කර ඒ සදහා අනුමැතිය ලබා නොදීම ඊට හේතුවී තිබේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මතය විමසා මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවසීය.

පාර්ලිමේන්තුව අද(06) පස්වරු 1.00 ට රැස්වීමට නියමිතය.