FAST NEWS

24×7 Around the Globe

දකුණු අධිවේගයේ කොටසක් යළි වැසෙයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මදූව හා ඉමදූව අතර කොටස පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය පහව යන තෙක් වසා දැමීමට තීරණය කර තිබේ. එසේම එම ස්ථානයේ අනතුරු ඇගවීමේ සංඥා පද්ධතියක් සවි කිරීමටත් අවධානය යොමුව තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ඇතුළු ආයතනය කිහිපයක් එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසුව ඉහත සඳහන් තීරණය ගෙන තිබේ.