FAST NEWS

24×7 Around the Globe

ඇදිරි නීති බලපත්‍රය අවභාවිත කරන්නන්ට නීතිය දැඩි කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්‍යවශ්‍ය සේවාවන් සදහා ලබා දී ඇති ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත නොකරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

එලෙස අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඇදිරි නීති බලපත්‍රය භාවිත කරමින් ඇතැම් පුද්ගලයින් සිය ගම්බිම් බලා යාමට උත්සාහ දැරීමේ සිදුවීම් කිහිපයක් අද දිනයේවාර්තා වී ඇත.

ඇදිරි නීති බලපත්‍රය භාවිත කළ හැක්කේ අදාළ සේවාවන් සඳහා පමණක් වන අතර වෙනත් කිසිදු බාහිර කටයුත්තක් සඳහා එම බලපත්‍ර භාවිත කිරීම නීති විරෝධී බව අජිත් රෝහණ මහතා පවසයි.