ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යැවීමේ ක්‍රමයක් සකස් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
ලංගම පාඩු ලැබීම අවම කර ගැනීමේ අරමුණින් මෙම ක්‍රමය ඉදිරි මාසයක කාලය තුළ සකස් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
ප්‍රවාහන අමාත්‍යාංශයේ වාර්තා වලට අනුව 36,000 ඉක්මවන වන ලංගම සේවකයින්ගේ වැටුප් ගෙවිම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය මසකට වෙන් කරන මුදල රුපියල් කෝටි 100 ක් වැය වේ.
ප්‍රවාහන නියෝජ්‍ය ආමාත්‍ය අශෝක් අබේසිහංහ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංගමය අධික පාඩු ලබන තත්ත්වය අවම කරගැනීමට පියවර රැසක් ගන්නා බවය.







