FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදිය.

සේවයේ අවශ්‍යතාවය පරිදි මෙම නිලධාරීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

ඒ අනුව මධ්‍යම පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා සුබසාධක දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් අධිකාරීවරු සිව් දෙනෙකුට, එක් කාන්තා පොලිස් අධිකාරිවරියකට හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.