FAST NEWS

24×7 Around the Globe

මෙරට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අවසර සහිතව මහ මාර්ගවල ගමන් කරන පුද්ගලයින් සඳහා මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

ඒ අනුව මුහුණු ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන පුද්ගලයින් ආපසු හරවා යැවීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ පොලීසිය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.