FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යළි විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කුරුණෑගල) – තාවකාලිකව වසා දැමුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යළි විවෘත කරයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ බලධාරියෙකු පැවසුවේ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය විෂබීජහරණය සිදුකර අද පෙරවරු 8ට යළි විවෘත කළ බවයි.

හදිසි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගියෙකුගෙන් කොරෝනා වෛරස ආසාදන තත්ත්වයක් පෙන්නුම් කිරීම නිසා එය ඊයේ(09) පස්වරුවේ එම ඒකකය තාවකාලිකව වසා දැමුණි.