FAST NEWS

24×7 Around the Globe

අයි.එස් අන්තවාදීයෝෙ විජයග්‍රහණයේ ආරුක්කුවත් පුපුරුවා හරිති.

සිරියාවේ ඓතිහාසික පැල්මයිරා පිහිටි විජයග්‍රහණයේ ආරුක්කුව හෙවත් සුප්‍රසිද්ධ Arch of Triumph නමැති පෞරාණික ගොඩනැගිල්ල IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් විනාශ කර තිබේ.

සිරියාවේ පුරාවිද්‍යා ප්‍රධානී මාමුන් අබ්දුල්කරීම් මෙය තහවුරු කරන අතර, මෙම විනාශය පසුගිය ඉරිදා (04දා) සිදුව තිබේ.

මෙම පෞරාණික ගොඩනැගිල්ල විනාශ කිරීම සඳහා සතියක කාලයක පටන් ඉස්ලාම් අන්තවාදීන් එහි බෝම්බ ඇටවීමේ නිරත වූ බවටද තොරතුරු පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.