FAST NEWS

24×7 Around the Globe

අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මිය යයි

(ෆාස්ට් නිව්ස් | යාපනය ) – සිලාවතුර පොලිස් වසමේ අලකට්ටු ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් සීලාවතුර පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 19 ක් වු පිච්චවානිකුලම් , අලකට්ටු ලිපිනයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මන්නාරම රෝහලේ තැන්පත් කර තිබේ.

සිලාවතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.