FAST NEWS

24×7 Around the Globe

සියලු පෞද්ගලික ඖෂධ සැල් අද පැය 8 ක් විවෘත කෙරෙයි

(ෆාස්ට් නිව්ස් | රත්නපුර) – දිවයිනේ සියලුම පෞද්ගලික ඖෂධ සැල් අද (09) දිනයේදී පැය 8 ක කාලයක් විවෘත කර තැබෙනු ඇත.

ඒ අනුව පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා සියලු ඔසුසැල් විවෘතව තැබීමට අවසර හිමිවෙයි.

රජයෙන් ලද එම අවසරය අනුව නීති රිති වලට එකගව පෞද්ගලික ඖෂධ වෙළෙඳ සැල් විවෘත කරන ලෙස තම සංගමයේ සාමාජිකයින්ට දැනුම් දුන් බව සමස්ත ලංකා ඖෂධ හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පැවසීය.

ඒ අනුව මේවන විට දිවයින පුරා ඖෂධ වෙලෙඳ සැල් 3200 ක් අතුරින් වැඩි ප්‍රමාණයක් අද විවෘත කර තැබෙනු ඇත.