FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරසයේ දෙවැනි ව්‍යාප්තියක් ගැන අනතුරු අඟවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි සති දෙකක කාලය තුළදී ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය දෙවැනි නැගිටීමක් අපේක්ෂා කළ හැකි යයි විශේෂඥ වෛද්‍ය විද්‍යාලවල සභාපතිවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.

මේ නිසා එම කාලය තුල ජනතාව දැඩි පාලනයකට යා යුතු බවද ඔවුහු අවධාරණය කරති.

මේ අතර අප්‍රේල් මාසය අවසානය දක්වා ගැටලු සහගත තත්ත්වය ඇතිවිය හැකි බව සියලුම විශ්ලේෂණ මගින් පෙන්වා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.