FAST NEWS

24×7 Around the Globe

සියළු දෙනා කොරෝනා පරීක්ෂාව සඳහා යොමු කිරීමට සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ සියලු පුද්ගලයන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීම කෙරෙහි රජය සුදානම් වෙයි.

මේ සඳහා ගැලපෙන ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිව් පුද්ගල කමිටුවක් ද නම් කර තිබේ.

කමිටුවේ ප්‍රධානී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, ජර්මනියේ දැනට ක්‍රියාත්මක කරන කුඩා කණ්ඩායම් පරීක්ෂණ ක්‍රමවේදය මෙරට දී ක්‍රියාත්මක කිරීම පිළිබඳව තම අවධානය යොමුවී ඇති බවයි.

දැනට රාජ්‍ය සහ පෞද්ගලික අංශය සතුව ඇත්තේ කොරෝනා රෝගය පරීක්‍ෂා කල හැකි යන්ත්‍ර 50ක් පමණකි.

ඉන් මෙරට සිදු කරන්නේ පරීක්ෂණ 250 පමණ බවත් ඔහු කියා සිටියි.