FAST NEWS

24×7 Around the Globe

ආදායම් නොමැති විහාරස්ථානවලට වියළි ආහාර

(ෆාස්ට් නිව්ස් |ගාල්ල) –  පවතින තත්ත්වය හේතුවෙන් දානය ලබා ගැනිමේ ගැටළු පවතින ගාල්ල දිස්ත්‍රික්කයේ ආදායම් මාර්ග නොමැති ,භික්ෂුන් වහන්සේලා පස් නමක් හෝ වැඩ වාසය කරන විහාරස්ථාන වෙත සතිපතා රුපියල් 3000 ක් වටිනා වියළි සළාක ලබාදිමට අද (06) සිට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.  

මේ සඳහා මූල්‍ය දායකත්වය සමස්ත ලංකා ශාසනාරක්ෂක අරමුදල මගින් සපයනු ලබයි.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යල 19 තුල පිහිටි එවැනි විහාරස්ථාන සහ දස සිල් ආරාම සීයයකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට හඳුනාගෙන තිබේ.

මෙවැනි දුෂ්කරතා සහිත විහාරස්ථාන අදාල ප්‍රාදේශිය ලේකම්වරුන් මාර්ගයෙන් දැනුම් දෙන ලෙස ද දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටියි.