FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යාමට පෙර වෛද්‍ය පරීක්ෂණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නිරෝධායනයට ලක්වන සෑම පුද්ගලයෙකුම එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යාමට පෙර වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමට තීරණය කර ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. 

වෛද්‍යවරයා සඳහන් කරන්නේ කොරෝනා රෝගීන්ගේ සහ එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ගේ පමණක් දැනට පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බවයි.