FAST NEWS

24×7 Around the Globe

ජනපතිට මඩ ප්‍රහාර එල්ල කළ චාමර සම්පත්ට ඇප නියම වෙයි.

පොලිස් අත්අඩංගුවේ පසුවු දකුණු පළාත් සභා උප සභාපති චාමර සම්පත් ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (05) නියෝග කළේය.

කෙසේ වෙතත් විදේශ ගමන් තහනම පවතින බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

ජනාධිපතිවරයාට අපහාස වන පරිදි ෆෙස්බුක් සමාජ ජාලය තුළ විවිධ සටහන් පළකිරීම ඔහුට එරෙහි තිබු චෝදනාවයි.