FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවෙන් බෙහෙත් ටොන් 10 ක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාව විසින් අත්‍යාවශ්‍ය බෙහෙත් ටොන් 10 ක ප්‍රමාණයක් එයාර් ඉන්ඩියා සමාගමේ විශේෂ ගුවන් යානා දෙකක් මඟින් අද (07) ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබුණි.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත මෙම ඖෂධ තොගය පිරිනැමූ බවය

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය ස්තූතිය පළ කර තිබේ.