FAST NEWS

24×7 Around the Globe

උප තැපැල් ස්ථානාධිපතිට පහරදීමේ සිද්ධිය පිලිබඳ දැඩි පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හම්බන්තොට – රුක්මල්පිටිය උප තැපැල් ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පොලීසිය සඳහන් කළේ ඊයේ විශ්‍රාමික දීමනාව ලබාදීම සඳහා නිවසකට ගිය අවස්ථාවේදී කිසියම් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.