FAST NEWS

24×7 Around the Globe

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනුවත් කිරීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කෙරෝනා ආසාදනය වූ මවකට හෝ එම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන මවකට දරුවන්ට මව් කිරි දීම ගැටළුවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී තිබේ.

කොළඹ කාසල්වීදිය කාන්තා රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර පවසන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපරිම ආකාරයෙන් අනුගමනය කල යුතු බවයි.

එසේ නොකළහොත් කොරෝනා වෛරසය අදාළ දරුවාටද වැලදීමේ අවදානමක් පවතින බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.