FAST NEWS

24×7 Around the Globe

හලාවත කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය අනිද්දා සිට

(ෆාස්ට් නිව්ස් | හලාවත) – ලබන 09 වැනිදා හලාවත ඉරණවිල ස්ථාපනය කරන ලද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරීමට නියමිතයි.

මීට පෙර ඇමරිකන් හඩ ගුවන් විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය ගොඩනැගිලි සංකීර්ණය තුළ මෙය ස්ථාපනය කර ඇත.

රෝහල් ගත වන කොරෝනා වෛරසය ආසාධනය වූ බවට සැකකරන රෝගීන් මෙහිදී පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.

දින 02 ක් හෝ ඊට වැඩි කාලයක් සිදු කරන එම පරීක්ෂණ වලින් අමතරව අවශ්‍ය නම් වැඩිදුර ප්‍රතිකාර සදහා අයි.ඩී.එච්.රෝහලට මාරු කර යැවීම හෝ මුදා හැරීම සිදු කෙරෙනු ඇත.

මෙම මධ්‍යස්ථානය තුල එක් වරකට රෝගීන් 40 දෙනෙකුට පමණ ප්‍රතිකාර කිරීමට හැකියාව පවතින බව ඉරණවිල වෛද්‍ය මධ්‍යස්ථානය භාර වෛද්‍ය දිමුත් පොන්වීර සඳහන් කළේය.