FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය කඩ කොට අත්අඩංගුවට ගත් පිරිස 15902 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාවට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 15902 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (06) දිනය තුළ පුද්ගලයන් 1107 දෙනෙකු සහ වාහන 326 ක් සිය භාරයට ගත් බව පොලිසිය පැවසුවේය.

ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ දක්වා පොලිස් භාරයට ගත් සමස්ත වාහන සංඛ්‍යාව 3991 දක්වා ඉහළ යනු ඇත.