FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන ආකාරයට අද(07) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

කොළඹ 09, කොළඹ 14, නවගම්පුර යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.

අද පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

කොළඹ 15 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.