FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය වන ඖෂධ රැසක් ඉන්දියාවේ සිට හෙට (07) දිනයේදී දිවයිනට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ රටේ පවතින තත්ත්වය පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ සහ සමගි ජනබලවේගයේ නියෝජිත පිරිසක් අතර අද පැවති සාකච්ඡාවට එක්වෙමින්.

එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා, සමගි ජනබලවේගයේ නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ හදිසි නීතිය සම්මත කර ගැනීම වැනි කාරණාවකට හැර වෙනත් කිසිදු අවස්ථාවක විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවක් යළි කැදවීම සඳහා තමන්ට නීතිමය බලයක් නොමැති බවයි.