FAST NEWS

24×7 Around the Globe

පමුණුගම පොලීසියේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාඇල, පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ.

ඒ පමුණුගම, දෑලපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන්.

පොලීසිය සඳහන් කළේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කරන බවයි.

මේ වනවිට පමුණුගම පොලිස් ස්ථානය ද විෂබීජ හරණයට ලක් කර තිබේ.