FAST NEWS

24×7 Around the Globe

ඉතාලි නෞකාවේ සිටි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරායට පැමිණි ඉතාලි නෞකාවේ සිටි ජර්මානු ජාතික කාන්තාවක් රෝහල් ගත කර තිබේ.

ඇය මෙලෙස රෝහල් ගත කර ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් බව වාර්තාවේ.

කෙසේ වෙතත් ඇය ප්‍රතිකාර ලබා නෞකාව වෙත රැගෙන ගියේද යන්න මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.