FAST NEWS

24×7 Around the Globe

ළමයින් ගැන අවධානයෙන් පසුවන ලෙසට මව්වරුන්ගෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ ද ළමයින් තුළ කොරෝනා වෛරසය පැවතිය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි. 

වෛද්‍යවරයා කියා සිටින්නේ කොරෝනා වෛරසය ආසාදනය වීමේ හැකියාවක් සහිත පසුබිමක් පවතින්නේ නම් මව්වරුන් ළමයින් සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ යුතු බවයි.

ළමයින් මේ දිනවල නිවෙස් තුළට පමණක් කාලය ගත කිරීම හේතුවෙන් ඇති වන මානසික ආතතිය දුරලීම සඳහා විවිධ ක්‍රියාකාරකම්වල නිරතවීම වැදගත් බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය.