FAST NEWS

24×7 Around the Globe

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා දින 21 ක් නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක සංචාරයේ යෙදෙන MSC Magnifica නම් නෞකාවේ සේවය කරන අනුර බණ්ඩාර හේරත් නමැති මෙම ශ්‍රී ලාංකිකයා ශ්‍රී ලංකාවට භාර ගැනේ.

මේ වන විට ඔහු භාර ගැනීමේ කටයුතු සිදු කෙරෙන බව ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය.

ඒ අනුව අනුර බණ්ඩාර හේරත් මහතා දින 21 ක් නිරෝධායන ක්‍රියාවලියකට ලක් කෙරෙනු ඇති.

ඉන්ධන සපයා ගැනීමට මෙරටට පැමිණෙන ඉතාලි මගී නෞකාවක සිටින ශ්‍රී ලාංකික අරක්කැමියකු තමා ශ්‍රී ලංකාවට භාර ගන්නැයි කළ ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (05) අනුමැතිය ලබා දී තිබේ.

අද දිනයේ රටට ඇතුළු වීමට අවස්ථාවක් නොලදහොත් තමා පත්වන අසීරුතාව ගැන සලකා බලා තමා ශ්‍රී ලංකාවට ඇතුළත් කර ගන්නැයි ඔහු ඉල්ලා ඇත.