FAST NEWS

24×7 Around the Globe

කොරෝනා නිසා රත්මලාන ශ්‍රී ජන මාවත තාවකාලිකව වසා දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රත්මලාන ශ්‍රී ජන මාවතේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අදාළ කාන්තාව සමග සබඳතා පැවැත්වූ එම ප්‍රදේශයේ පුද්ගලයන් 34 දෙනෙකු නිරෝධායනය සඳහා පුනානි හමුදා කදවුර වෙත යොමු කර තිබේ.

රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජේ.එම්. ගුණතිලක සඳහන් කළේ ශ්‍රී ජන මාවත ද දින 14ක කාලයක් වසා දැමීමට පියවර ගත් බවයි.