FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාතේ සිරවී සිටින ශ්‍රමිකයින් පිටත් කර හැරීම සඳහා වැඩපිළිවෙලක්

(UTV| කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය මැඩලීමට ඇඳිරි නීතිය පැනවීමත් සමඟ බස්නාහිර පළාත තුළ ගම්බිම්බලා යාමට නොහැකිව සිරවී සිටින ශ්‍රමිකයින් පිටත් කර හැරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

පොලීසිය සමඟ එක්ව ඊට අදාළ වැඩපිළිවෙල මේ වනවිට සකස් කරමින් පවතින බවත් , ඒ අනුව බස්නාහිර පළාතේ නවාතැන් ගෙන සිටින පුහුණු ශ්‍රමිකයින් සහ කම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීම ද මේ වනවිට ආරම්භ කර ඇති බවත් වාර්තා වෙයි.