FAST NEWS

24×7 Around the Globe

ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම හෙටින් ඇරඹෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම හෙට (06) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ ගොවි විශ්‍රාම වැටුප් හිමි පුද්ගලයින්ගේ ලිපින බොහෝමයක් තහවුරු කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් නිවෙස් වෙතට ගොස් විශ්‍රාම වැටුප ලබාදීම ගැටළුවක් වී ඇති බවයි.

ඒ හේතුවෙන් මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ග්‍රාම සේවක වසම් මට්ටමින් තැපැල් කාර්යාල වෙත අදාළ පිරිස් කැඳවීමට තීරණය කර ඇත.

තැපැල්පති රංජිත් ආරියරත්න සදහන් කළේ , කෙසේවෙතත් හැකි සෑම ප්‍රදේශවලම ගොවි විශ්‍රාම වැටුප නිවෙස් වෙත බෙදා හැරීමට පියවර ගන්නා බවයි.

මීට අමතරව ධීවර විශ්‍රාම වැටුප් ද තැපැල් කාර්යාල හරහා හෙට දිනයේ සිට ලබාදීමට තීරණය කර ඇත.