විසි වසරකට පසු මහින්දගේ ඉල්ලීම ඉටුකළ සුජාතා

විසි වසරකට පසු මහින්දගේ ඉල්ලීම ඉටුකළ සුජාතා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සම්මානනීය ගායන ශිල්පිනී සුජාතා අත්තනායක මහත්මිය දශක දෙකකට පසුව ගීතයක් ගායනා කිරීමට ඉදිරිපත් වී තිබේ. 

ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහලු පුත් නාමල් රාජපක්‍ෂ මහතාගේ සහ ලිමිණිගේ විවාහ මංගල උත්සවයේදීයි.

එම අවස්ථාවට දේශපාලන හිතවතුන් සහ කලා ලොවේ රැසක් ද සහභාගී වී සිටියහ.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ ඉල්ලීමක් මත සුජාතා අත්තනායක මහත්මිය ගීතයක් ගායනා කිරීමට එම අවස්ථාවේ ඉදිරිපත් වීම විශේෂ සිදුවීමකි.

පසුගිය යුද්ධ සමයේදී යුද හමුදා නිලධාරියකු වූ සිය පුත‍්‍රයා මිය යෑමෙන් පසු ඇය ගී ගැයීම සම්පූර්ණයෙන් නතර කිරීමට තීරණය කළාය.

නමුත් මංගල සාදයට පැමිණ සිටි විශාල පිරිසක් මවිතයට පත් කරමින් ඇය ගී ගැයීමට ක්‍රියා කිරීම කාගේත් සිත් සතුටු කරවන්නක් විය.

සුජාතා අත්තනායක මහත්මිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සහ දමිල අංශයේ විශිෂ්ට ශ්‍රේණිගත වූ එකම ගායිකාවයි.

ඇය විසින් ගැයූ මුලු ගීත සංඛ්‍යාව 6000කට ආසන්න වන අතර දමිල ගීත 1000කට අධික ප්‍රමාණයක් ගයා ඇත.